මීගමුව රොටරි සමාජයෙන් සමාජ සත්කාර කිහිපයක්

මීගමුව රොටරි සමාජයෙන් සමාජ සත්කාර කිහිපයක්

මානව හිතවාදයට මුල් තැන දෙමින් සමාජ සත්කාරක කිහිපයක් මීගමුව රොටරි සමාජය විසින් 29 වැනි දින සිදු කරන ලදි.

දුම්මලදෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල පරිශ්‍රය තුළ පහසුවෙන් නවාතැන් ගැනීමට හැකිවන පරිදි ගැබිනි මාතා හා ළමා නිවාසයක් ලක්ෂ ගණනක මුදල් වැයකොට සාදා භාරදීම එදින සිදුවිය.

ගැබිනි මාතාවන් සඳහා පෝෂ්‍යදායී ආහාර අඩංගු ආහාර මලු බෙදාදීම ද මෙහිදී සිදුවිය,අමතරව ගැබිනි මාතාවන් සඳහා අධ්‍යාපනික වැඩසටහනක් ද, පවත්වන ලදි. ජූලි මාසය මීගමුව රොටරි සමාජය විසින් මුළු මාසය පුරා මාතෘ සායන මාසයක් වශයෙන් නම් කර එම මාසය තුළ මේ සම්බන්ධව තෝරාගත් ප්‍රදේශවල විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවන බව මීගමුව රොටරි සමාජයේ සභාපතිවරයා සඳහන් කළේය. මීගමුව රොටරි සමාජයේ සභාපතිවරයා ඇතුළු එහි සාමාජික සාමාජිකාවන්ද , දුම්මලදෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍යවරු ද, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ හෙදි නිලධාරිනියන් ද, එම පළාත් පාලන ආයතනය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්වූහ.

ඩී. මිහිඳුකුල – කොච්චිකඩේ

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media