,

රාජ්‍ය නිළධාරින් 09දෙනෙකුගේ මැතිවරණ රාජකාරි අත්හිටුවයි.

රාජ්‍ය නිළධාරින් 09දෙනෙකුගේ මැතිවරණ රාජකාරි අත්හිටුවයි.

දේශපාලනය අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරිමට කටයුතු කළ හම්බන්තොට රාජ්‍ය නිළධාරින් 19 දෙනෙකු පිළිබඳව පරික්ෂණ පැවැත්වෙන බවත් ඉන් රාජ්‍ය නිළධාරින් 09 දෙනෙකුගේ මැතිවරණ රාජකාරි අත්හිටවු බවද හම්බන්තොට දිස්ත්‍රික් තේරින් භාර නිළධාරි එච්. පී. සුමනසිරි මහතා පවසයි.


දේශපාලන කටයුතුවල නිරතවිම සම්බන්ධයෙන් රාජය නිළධාරින් 19 කුට එරෙහිව පැමිණිලි 17 ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ ස්ථානය වෙත පසුගිය 18 දින වන විට වාර්තා වි තිබේ.
මෙසේ විවිධ දේශපාලන ක්‍රියා කාරකම් වල නිරතවු රාජ්‍ය නිළධාරින් 19 දෙනා අතර, වෛද්‍යවරුන් 03 දෙනෙකු, මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙක්, විදුහල්පතිවරු 09 දෙනෙකු හා නියොජ්‍ය විදුහල්පතිවරයෙකු, ගුරුවරුන් 04 දෙනෙකු හා සමෘද්ධි කළමනාකරු වෙකු සිටින බවද සුමනසිරි මහතා සදහන් කළේය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media