වත්තල, මහබාගේ අධිකරණ රථ ගාල ඉදිරිපිටදී අල්ලස් ගත් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

වත්තල, මහබාගේ අධිකරණ රථ ගාල ඉදිරිපිටදී අල්ලස් ගත් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වත්තල, මහබාගේ අධිකරණ රථ ගාල ඉදිරිපිටදී රුපියල් 150,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහබාගේ පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනියුක්ත පොලිස් සැරයන්වරයෙක්. සැකකාර පොලිස් නිලධාරියා උස්වැටකෙයියාව ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් එලෙස අල්ලස් මුදල් ලබා ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට යුක්තිය මෙහෙයුමේ නාම ලේඛනයේ ඇතුළත්ව ඇති අතර ඔහුගේ නම එම ලේඛනයෙන් ඉවත් කිරීමටත් අදාළ පුද්ගලයාට මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා බාධාකිරීම් නොකරන ලෙසටත් ඉඩ සලසන බව පවසා එම පොලිස් නිලධාරියා එලෙස අල්ලස් මුදල ලබා ගෙන ඇති බවටයි සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත.

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media