2024 පළමු මාස 6ට විදේශ සංචාරකයන්ගෙන් ඩොලර් මිලියන 1556 ක්

2024 පළමු මාස 6ට විදේශ සංචාරකයන්ගෙන් ඩොලර් මිලියන 1556 ක්

මේ වසරේ (2024) පළමු මාස හයේදී මෙරටට විදේශ සංචාරකයන්ගෙන් ලැබුණු ආදායම ගිය වසරේ (2023) පළමු මාස හයට සියයට 77.9කින් වර්ධනය වී ඇත.

මේ අනුව ගිය වසරේ පළමු මාස හයේදී ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 875 සිට මේ වසරේ පළමු මාස හයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1556.6ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

මේ කාලයේදී මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් ප්‍රමාණය ද සියයට 61.7කින් වර්ධනය වී ඇති බව එහි සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media