-
කෙහෙලිය පවුලේ වත්කම් තහනම් කරයි.!
මාස 7කට අදික කාලයක් බන්ධනාගාර ගතව සිට පසුගියදා ඇප හිමිවූ හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ල මහතාට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ මහාධිකරණය අද (19) නියෝගයක් නිකුත් කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම නියෝගය…
-
ඡන්ද ගණන් කරද්දී ජංගම දුරකථන භාවිතය තහනම්
මෙවර ජනාධිපතිවරණයට අදාලව ඡන්ද ගණන් කිරීම සිදු කරන අවස්ථාවලදී කිසිඳු පුද්ගලයෙකුට එම මධ්‍යස්ථාන තුළට ජංගම දුරකථන රැගෙන යා නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.…
-
ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුව ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පවත්වන බව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දනුම් දෙයි. එම පරීක්ෂණ අවසන් වූ වහාම මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව සදහන් කෙරේ.
-
ඡන්ද කාඩ්පත ඔන්ලයින් ගන්නේ මෙහෙමයි.
නිල ඡන්ද දැන්වීම් පතක් නොලැබුණු ඡන්ද හිමියන්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමට පහසුකම් සපයා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න. https://eservices.elections.gov.lk යන මැතිවරණ ඉ-සේවා වෙබ් අඩවියට පිවිසෙන්න. එහි පුරවැසියන් සඳහා වන යොමුවෙන්…
-
නීතිය රකින්නෝ විසින්ම නිවසක් කොල්ලකති
නිවැසියන් බිය ගන්වා මෝදර ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ 14මුදලක් කොල්ලකෑ බ්ලූමැන්ඩල් පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ සැරයන්වරයෙකු මෝදර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.කොළඹ උතුරු බුද්ධි අංශ සාමාජිකයකු ද මෙම පිරිස අතර සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
-
විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්
පසුගියදා පැවැති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් මේ වන විට විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී දෙමව්පියන් විරෝධතාවයක නිරතව සිටී, ඒ අනුව විරෝධතාවයේ නියැලුණ දෙමාපියන්ගෙන් කිහිපදෙනෙකුට විභාග දෙපාර්තමේන්තුව තුළට ගොස් ලිපියක්…
-
සියලු රෝහල්වල හෙට වෛද්‍ය වැඩවර්ජනයක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (18) දිවයිනේ සියලු රෝහල් තුළ දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. මෙම වෛද්‍ය වැඩවර්ජනය පෙරවරු 8.00 ට ආරම්භ කිරීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියයි. මේ හේතුවෙන් රෝගී ප්‍රතිකාර අඩාළ වීමේ අවධානමක් මතුව ඇති බව සඳහන්. රජයේ වෛද්‍ය…
-
ඔබට නිල ඡන්ද පත්‍රිකා තවමත් ලැබිල නැත්නම් මොකක්ද කරන්න ඕනි…
නිල ඡන්ද දැන්වීම පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම ඊයේ (14) දිනයෙන් අවසන් කර තිබුණත් මේ වෙනතෙක් ඔබ වෙත නිල ඡන්ද පත්‍රිකා ලැබී නොමැති නම් ලබන බදාදා සිට තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලයට ගොස් එම පත්‍රිකා ලබා ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දෙනු…
-
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම නිවේදනයට අනුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමණ තරමක…
-
ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා දින දෙකක් බාර් වැසේ
එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව සැප්තැම්බර් 21 සහ 22 යන දෙදින සුරාසැල් වසා තැබෙන බවයි වාර්තා වන්නේ.