කාන්තා ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තය සමග පැවති පළමු තරගයෙන්ම කඩුලු 7 කින් ජය ගනියිී

කාන්තා ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තය සමග පැවති පළමු තරගයෙන්ම කඩුලු 7 කින් ජය ගනියිී

අයර්ලන්තය සමග පැවති පළමු 20-20 ක්‍රිකට් තරගය කඩුලු 7 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

තරගය පැවැත්වුණේ, අයර්ලන්තයේ ඩබ්ලින්හිදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත ක්‍රීඩිකාවන් පන්දුවාර 20 ඇතුළත කඩුලු 6 ක් දැවී ලකුණු 145 ක් රැස් කළා.  ගැබී ලෙලිස් ලකුණු 39 යි.  පන්දු යැවීමේදී ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු දෙකක් බිදහෙලුවා.  පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගය ජය ගත්තේ, පන්දුවාර 16 යි පන්දු 4 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 149 ක් රැස් කරමින්. 

විශිෂ්ට පිතිහරඹයක නියැලෙමින් හර්ෂිතා සමරවික්‍රම පන්දු 45 කදී නොදැවී ලකුණු 86 ක් රැස් කළා.  හර්ෂිතාගේ ඉනිමට හතරේ පහර 15 ක් හයේ පහරක් ඇතුළත්.  විශ්මි ගුණරත්න ලකුණු 30 යි.  තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජය ගත්තේ කඩුලු 7 කින්.  දෙපිල අතර මීලඟ 20-20 තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media