ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 107වන සංවත්සරය වෙනුවෙන් ආදි කතෘවරුන් අනුස්මරණය මූලික කරගනිමින් විශාල ආගමික් වැඩසටහන් මාලාවක් පැවැත්විණි. මෙම උත්සවය විදුහල්පති කුසුමන් රණසිංහ මහතාගේ මූලිකත්වයෙන්, සැප්තැම්බර් 18 වැනිදා විද්‍යාලීය පරිශ්‍රයේදී සම්පුර්ණ විය.
ඒ දින පෙරවරුවේ මහා සංඝරත්නය විසින් වරු පිරිත පැවැත්වූ අතර, භික්ෂුන් වහන්සේලා 50 දෙනෙකුගේ සන්ධානයෙන් දහවල් සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනමන ලදී.
මෙම පුණ්‍යකර්මය විදුහල්පතිවරයාගේ මගපෙන්වීම යටතේ, විද්‍යාලීය බෞද්ධ සංගමය, කළමනාකරණ මණ්ඩලය, ආචාර්ය මණ්ඩලය, පාසල් සංවර්ධන සමිතිය සහ ආදි ශිෂ්‍ය සංගමය එක්ව සංවිධානය කළහ.
උත්සවයේදී විදුහල්පති කුසුමන් රණසිංහ, ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය නායක මණ්ඩලය එක්ව සිසු දරුවන් සමගින් කේක් ගෙඩියක් කපා, විද්‍යාලයේ 107 වන උපන්දිනය සැමරීය.
මෙම අවස්ථාවට අවට පාසල්වල විදුහල්පතිවරු, ආරාධිත අමුත්තන් සහ විද්‍යාලයට සුබ පැතුම් පැවසු පුද්ගලයින් රැසක් සහභාගි විය.











Leave a Reply