පාක්ෂිකයන් මෙන් සැරසී රට තුළ ගැටුම් නිර්මාණය කිරීමේ සැලසුමක් – ටිල්වින් සිල්වා

පාක්ෂිකයන් මෙන් සැරසී රට තුළ ගැටුම් නිර්මාණය කිරීමේ සැලසුමක් – ටිල්වින් සිල්වා

සැප්තැම්බර් 18 මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර වූ පසු තම පාක්ෂිකයන් මෙන් සැරසී රට තුළ ගැටුම් නිර්මාණය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බව ජාතික ජන බලවේගයේ මධ්‍යම කාරක සභික ටිල්වින් සිල්වා පවසනවා.

2019 දී ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා පාස්කු ප්‍රහාරයක් නිර්මාණය කර දේවස්ථානවල බෝම්බ ඇටවීමට හැකි වූ පිරිසකට රට තුළ එවැනි ගැටුම් නිර්මාණය කිරී​ම අසීරු නැති බවයි ඔහු පෙන්වා දුන්නේ.

එමනිසා පාස්කු ප්‍රහාරය නිර්මාණය ක​ළ කුමන්ත්‍රණකාරී කණ්ඩායම් පාවිච්චි කර, රට තුළ ගැටුම් සාදා මේ වන විට ගොඩනැගෙමින් ඇති සැබෑ ජන වරමට බලපෑම් කිරීම සඳහා ඔවුන් කටයුතු කරනු ඇති බවට සැකයක් පවතින බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

එබැවින් ජාතික ජන බලවේගය බලයට පැමිණි පසු ගැටුම් ඇතිවේයැයි මත නිර්මාණය කරන අයම, ජාතික ජන බලවේගය පිටින් යන පරිදි මෙවැනි අපරාධ සිදුකළ හැකි හෙයින්, ජනතාව ඒ පිළිබඳ දැඩි කල්පනාවෙන් සිටිය යුතු බවද, කිසිඳු ආකාරයේ සිද්ධියකට සම්බන්ධ නොවිය යුතු බවද ඔහු අවධාරණය කළා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media