ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර 04 වන ස්ථානයට දිමුත් කරුණාරත්න.

ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර 04 වන ස්ථානයට දිමුත් කරුණාරත්න.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර හතර වන ස්ථානයට පැමිණීමට සමත්ව තිබේ.

ඒ අනුව, ටෙස්ට් තරග 94ක දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 7000ක සීමාව පසු කිරීමට දැන් ක්‍රියාත්මක එංගලන්තය සමග පැවැත් වෙන තුන්වන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී ඔහු සමත්විය.

36 හැවිරිදි වියේ පසුවන හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න මේ වනවිට ටෙස්ට් ශතක 16ක් සහ අර්ධ ශතක 38ක් රැස්කර ගෙන සිටින අතර ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමන්‍ය 40.87ක් වේ.

ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග 111ක දී ලකුණු 7698ක්, මහේල ජයවර්ධන ටෙස්ට් තරග 149ක දී ලකුණු 11814ක් සහ කුමාර් සංගක්කාර ටෙස්ට් තරග 134ක දී ලකුණු 12400ක් රැස් කරමින් දිමුත්ට ඉදිරියෙන් පසුවේ.

සිසිර ඉන්ද්‍රජිත්

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media