පැරිස් ඔලිම්පික් උළෙලේ පළමු තැන ඇමරිකාවට

පැරිස් ඔලිම්පික් උළෙලේ පළමු තැන ඇමරිකාවට

රටවල් 206ක සහභාගිත්වයෙන් දින 16ක් පුරා පැරිස් නුවර පැවැති 33 වැනි ඔලිම්පික් උළෙල ඊයේ අවසන් විය. තරගකරුවන් 10,714ක් තරග බිමට ආ මෙවර ඔලිම්පික් උළෙලේ අවසන් මොහොතේ පදක්කම් සටහනේ ඉදිරියට පැමිණීමට ඇමරිකාව සමත්විය. එතෙක් පළමු තැන හිමිව තිබූ චීනය දෙවැනි තැනට ඇද දමමිනි.

පළමු ස්ථානය දිනාගත් ඇමරිකාව රන් පදක්කම් 40ක්, රිදී 44ක් සහ ලෝකඩ පදක්කම් 42ක් ඇතුළුව පදක්කම් 126ක් දිනා ගත්තේය.

චීනය දෙවැනි තැනට පත්වෙත්දී රන් පදක්කම් 40ක්, රිදී 27ක් සහ ලෝකඩ පදක්කම් 24ක් ඇතුළුව පදක්කම් 91ක් දිනාගනු ලැබීය. ජපානය තුන්වැනි තැනට පත්විය.

පැරිස් ඔලිම්පික් උළෙලේ අවසානය සනිටුහන් වීම දැකබලා ගැනීමට ප්‍රේක්ෂකයන් 70,000කට ඉඩකඩ වෙන්ව තිබිණි.

සමාප්තියට සියලු රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ස්ටාස් ඩී ෆ්‍රාන්ස් ක්‍රීඩාගාරයට පැමිණ සිටියහ. එහිදී ශ්‍රී ලංකා ධජය ගෙන ගියේ තරුෂි කරුණාරත්න සහ අරුණ දර්ශනය.

ඉන්පසු ජගත් ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාස් නිල වශයෙන් ඔලිම්පික් උළෙල අවසන් බව ප්‍රකාශ කළේය.

සුසිල් ජයකොඩි

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media