,

ප්‍රංශ ක්‍රීඩිකාවන්ට හිජාබය තහනම්: සත්කාරකයින් රට ක්‍රීඩිකාවන්ට දුන් නියෝගය

ප්‍රංශ ක්‍රීඩිකාවන්ට හිජාබය තහනම්: සත්කාරකයින් රට ක්‍රීඩිකාවන්ට දුන් නියෝගය

එළබෙන ඔලිම්පික් උළෙලට ප්‍රංශය නියෝජනය කරමින් සහභාගි වන විට මුස්ලිම් ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ සාම්ප්‍රධායික හිස් ආවරණය වන හිජාබය පැළඳ ක්‍රීඩාකිරීම තහනම් කර තිබෙනවා.

කෙසේ නමුත් ප්‍රංශ ඔලිම්පික් බලධාරීන් මෙය හදිසියේ ගත් තීරණයක් නොවන අතර, මෙවර ඔලිම්පික් උළෙලේදී මෙවැනි තීරණයක් ගන්නා බව ප්‍රංශ ක්‍රීඩා අමාත්‍යවරයා අනාවරණය කර සිටියේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීය.

මෙම තීරණයට කොතෙකුත් විරෝධතා පැමිණියත්, මේ දක්වා එම තීරණය හකුලා ගැනීමට ඔවුන් කටයුතු කර නොමැත.

ප්‍රංශ ජනගහණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉස්ලාම් දහම ඇඳහුවද, එරට බොහෝ ගෘහස්ථ ක්‍රීඩා තරගවලදී මුස්ලිම් ක්‍රීඩිකාවන්ට හිජාබ පැළඳ සිටින තහනම් කර තිබෙනවා.

යුරෝපා මහද්වීපයේ එවැනි තීරණයක් ගෙන ඇති එකම රට ප්‍රංශයද වෙයි.

කෙසේ වෙතත් ප්‍රංශයේ මෙම තීරණයට ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) දන්වා සිටියේ, ඔලිම්පික් ගම්මානය තුළ ක්‍රීඩිකාවන්ට හිජාබය පැළඳ සිටීමට නිදහස තිබෙන බවයි.

ඔලිම්පික් ගම්මානය තුළ ක්‍රියාත්මක වන්නේ ඔලිම්පික් නීතිය බවත්, ඒ හේතුවෙන් හිජාබය හෝ වෙනත් ආගමික ඇඳුමක් ඇඳීමට ලෝක ඔලිම්පික් කමිටුවෙන් කිසිදු බාධාවක් නොමැති බව එම කමිටුව වැඩිදුරටත් දන්වා ඇත.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media