රාජ්‍ය දේපල අවභාවිතා කිරීමේ වරදට අනුර කුමාර අත්අඩංගුවට ගන්නැයි පැමිණිල්ලක්

රාජ්‍ය දේපල අවභාවිතා කිරීමේ වරදට අනුර කුමාර අත්අඩංගුවට ගන්නැයි පැමිණිල්ලක්

තොරතුරු වසංකර 2007 වසරේ සිට රාජ්‍ය දේපල අවභාවිතාකරන බවට චෝදනා කරමින් ජාතික ජන බලවේගය පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා වහාම අත් අඩංගුවට ගෙන නීතීය ඉදිරියට පමුනුවන ලෙස ඉල්ලා මහපොළොවේ ක්‍රියාත්මක සිවිල් සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම සංවිධාන වෙනුවෙන් දර්ශන තන්ත්‍රි ගේ ඇතුළු පිරිසක් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය දේපල අවභාවිත කරන බවට එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා විසින් පිළිගෙන ඇති බවත් දීර්ඝ කාලයක් තිස්සේ කරන මේ අවභාවිතාව නිසා පොදු දේපල පනත යටතේ අනුර කුමාර දිසානායක මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස ද එම පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media