විදේශ ගමන් බලපත්‍ර ලබාගත් 23%ක් රට ගිහින් නෑ

විදේශ ගමන් බලපත්‍ර ලබාගත් 23%ක් රට ගිහින් නෑ

විදේශ ගමන් බලපත්‍ර ලබාගත් 23%ක පිරිසක් මෙතෙක් විදේශගත වී නැතැයි මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවසීය.

එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවට ඉදිරිපත් වෙමින් ඇමැතිවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද කීය.

ගුවන් ගමන් බලපත්‍රයක් (පාස්පෝට්) ලබා ගැනීම වසර 23ක් තිස්සේ එකම ආයතනයකින් නිසි ටෙන්ඩර් කැඳවීමකින් තොරව සිදුකර තිබෙනවා. මෙවරත් එසේ කිරීමට යෑමේදී මම ටෙන්ඩර් කැඳවා ගන්නා ලෙස උපදෙස් දුන්නා. මෙතෙක් කාලයක් පාස්පෝට් එකක් ඇමරිකන් ඩොලර් පහයි දශම අටයි නවයකට අරන් තියෙනවා. නමුත් අපි ටෙන්ඩර් කැඳවා E පාස්පෝට් එකක් නව තාක්ෂණය සහිතව ඩොලර් පහයි දශම පහකට ගන්න හැකිවෙලා තියෙනවා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media