අකල් මරණ වළක්වා ගන්න වයස අවු. 40 ට වැඩි නම් ප්‍රෙෂර් බලාගන්න

අකල් මරණ වළක්වා ගන්න වයස අවු. 40 ට වැඩි නම් ප්‍රෙෂර් බලාගන්න

වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන තත්ත්වයක්. 

එයිනුත් අකල් මරණ සඳහා බලපා තිබෙන්නේ හෘද හා රුධිර නාළ ආශ්‍රිත රෝගවන අතර මෙම රෝග නිසා හෘදයාබාධ, අංශභාගය, හෘදය අකර්මන්‍යවීම වැනි අතිවෙන්න පුඬඵවන්. පුද්ගලයින් මේ රෝගවලට ගොදුරුවීමට ප්‍රධාන සාධකයක් ලෙස බලපාන්නෙ අධිරුධිර පීඩනයයි. 

එහෙත් අධි රුධිර පීඩනය නිසි ලෙස පාලනය කළහොත් ඉහත රෝග අවදානම ඉතා අඩු කර ගැනීමටත් පු`ඵවන්. එහෙමනම්  ප්‍රෙෂර්  හදාගන්නේ නැතිව ජීවත්වෙන හැටි වගේම ප්‍රෙෂර් හැදුනොත් කරන දේ ගැනත් මේ සටහනින් කතා කරමු. 

අධිරුධිර පීඩනය කියන්නේ කුමක්ද?

හෘදයෙන් රුධිරය, රුධිර නාළ තුළට තල්ලු කිරීමේදී රුධිර නාළ බිත්ති මත ඇති කරන පීඩනය රුධිර පීඩනය ලෙස හඳුන්වනවා. මෙම ක්‍රියාවලියේදී රුධිර පීඩනය වැඩි වේ නම් එය අධිරුධිර පීඩනයයි. හැබැයි  පිටතට දකින්න ලැබෙන්නේ නැහැ. ඒබව හොයාගන්න නම් මැන බලන්න වෙනවා. ‘ප්‍රෙෂර් බලනවා’ කියා  හඳුන්වන්නේ එයයි.  


ප්‍රෙෂර් වැඩිවුණාම මොකද වෙන්නෙ?

රුධිර පීඩනය වැඩිවීම ප්‍රධාන ලෙසම බලපාන්නේ හෘදරෝග ඇතිවීමටයි.  ප්‍රෙෂර් වැඩිවීම අංශභාගය හෙවත් ආඝාතය හැදෙන්න වගේම වකුගඩුවලටත් ඉතා අහිතකර ලෙස බලපානවා.  

මෙම රෝගයේදී බොහෝවිට රෝගියාට දැනෙන රෝග ලක්ෂණ අඩුයි. බොහෝවිට රෝග ලක්ෂණ පහල වන්නේ සංකූලතා සමගයි. එනිසා රුධිර පීඩනය පැවතිය යුතු ආකාරය දැන ගැනීම වැදගත්. 

සාමාන්‍ය පුද්ගලයෙකුගේ නම් ප්‍රෙෂර් තියෙන්න ඕනෑ 120/70 ක් 
එය 130/80 ලෙස සටහන් වේ නම් එයින් කියැවෙන්න ප්‍රෙෂර් හැදෙන්න පටන් අරන් කියලයි 

140/90 නම් අධික රුධිර පීඩනයේ පළමු අදියර 
150/100 නම් රෝගියා අධික රුධිර පීඩනයේ දෙවැනි අදියරේ පසුවෙනබව කියැවෙනවා.
160/110 නම් රෝගියා අධික රුධිර පීඩනයේ බරපතළ අවස්ථාවේ පසුවෙනවා. පළමු වතාවට ප්‍රෙෂර් බැලුවම මේ දර්ශකය සඳහන් වුණොත් එයැනි  කියැවෙන්නේ රෝගියාට ඖෂධ ප්‍රතිකාර පටන්ගන්න ඕනෑබවයි. 
එසේ නොකළොත් හෘදයාබාධ සහ අංශභාගය වැනි සංකූලතා ඇතිවීමේ අවදානම ඉතා ඉහළයි.  

වයස බලපනාවද? 
වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයකුට ප්‍රෙෂර් වැඩිවෙන්න තිබෙන අවදානම ටිකක් වැඩියි. එහෙත් වයස අවුරුදු 40ට  අඩු වයසේ කෙනෙකුට ප්‍රෙෂර් හදුණොත් නම් ඔඬෂධ ප්‍රතිකාර පටන් ගන්න කලින්  එහෙම හැදෙන්න වෙනත් හේතු බලපැ ඇත්දැයි සොයා බලනවා.  

ප්‍රෙෂර් වෙනස් වෙනවද? 
පුද්ගලයාගෙන් පුද්ගලයා ප්‍රෙෂර් විවිධ අයුරින් වෙනස්වෙන අවස්ථා තිබෙනවා. සමහරෙකුට උදේ බලනවාට වඩා සවස් වරුවේ බලනවිට ප්‍රෙෂර් වැඩිවෙන්න පුළුවන්. එසේ නැතිනම් අඩුවෙන්නත් පුළුවන්. පැය 24 ක් පුරා වරින්වර ප්‍රෙෂර් මැන බැලීමෙන් එය පවතින්නේ කුමන තතත්වයකදැයි නිශ්චිතවම හඳුනාගන්න පුළුවන්. 

පුද්ගලයෙකුට පැය 24 ක් රුධිර පීඩන යන්ත්‍රය සවිකර තබන විට දවල් කාලයට වඩා රාත්‍රියට එය 15කින් අඩුවෙනවා. එසේ රාත්‍රියට පීඩනය අඩුවන්නේ නින්දෙන් ලැබෙන සුවය නිසයි. මෙසේ පැය 24 ක් රුධිර පීඩනය මැනීමේදී දහවලට එය වැඩි නම් රාත්‍රියට අඩුවන්නේ නම් ඇතිවන සංකූලතා අඩුයි. එවිට ඖෂධ ප්‍රතිකාර ගන්න අවශඨ වෙන්නෙ නැහැ. 
ප්‍රතිකාර මොනවාද? 

ප්‍රෙෂර් පාලනය කර ගැනීමට නම් ඖෂධ නියම කර තිබෙන ආකාරයටම ගත යුතුයි. මේ සඳහා නිපදවන ඖෂධ සකස් කර තිබෙන්නේ ඖෂධයේ බලපෑම පැය විසිහතරක් හෝ හතලිස් අටක් පමණක් පවතින ලෙස නිසයි. 

“මට දැන් ප්‍රෙෂර් නෑ. බෙහෙත් බොන්නේ මොකටද?” යැයි කියමින් ඖෂධ ගැනීම නතර කිරීම පමණක් නොවෙයි, ඖෂධ මාත්‍රාව අඩු වැඩි කරමින් ගැනීමද ඉතා භයානකයි. 

බෙහෙත් නොබිව්වොත් වෙන දේ 
ඖෂද ගැනීම නතර කළොත්,  අඩු කළොත් හෝ වැඩි කළොත්,  පිළිවෙළට නොගතහොත් සංකූලතා රැසක් ඇතිවෙන්න පුළුවන්. මේවා ඉතා බරපතළයි. 
i හෘදයේ බිත්ති ගනත්වය වැඩි වී හෘදයාබාධයක් ඇතිවිය හැකිය. 
ii හෘද අකර්මන්‍යතාවක් ඇතිවිය හැකිය. 
iii අංශභාගයට හේතු වේ. 
iv වකුගඩු දිරාපත්  විය හැකිය.
මේ නිසා අධිරුධිර පීඩනයට ඖෂධ ගන්නා අය වෛද්‍ය උපදෙස් මත ඒ ආකාරයටම ඖෂධ ගත යුතුයි. අඩු තරමින් මාස දෙකකට වරක්වත් ප්‍රෙෂර් මැනගන්නත් ඕනෑ. 
ලුණු කන්න හොඳ නැද්ද? 
ප්‍රෙෂර්වලට ලුණු බොහොම නරකයි. ලුණු වැඩියෙන් ආහාරයට ගැනීමෙන් ශරීරයේ ලවණ වැඩි වී ප්‍රෙෂර් වැඩිවෙන බැවින් ලුණු සහිත ආහාර හැකි තරම් අඩුවෙන් ගන්න ඕනෑ.  ඊට අමතරව තැඹිලි, ලුණු සහිත එළවළු, සැර පාන වර්ග,
කරවල ආහාරයට නොගෙන සිටීම වඩාත් හිතකරයි. ඒ විතරක්ද කෘත්‍රිම ලුණු එක් කළළ කඩල, රටකජු, අල පෙති වැනි දෑ ද ආහාරයට ගැනීම හැකිතරම් අඩු කරන්න ඕනැ. කරවල වෙනුවට මාළු ආහාරයට එක් ගැනීම වඩාත් සුදුසුයි.  

ප්‍රෙෂර් එක්ක එන නෑදෑයෝ 
ප්‍රෙෂර් වැඩි කෙනෙකුට දියවැඩියාව, අංශභාගය, හෘද රෝග, කොලොස්ටරෝල් ඇතිවීමේ අවදානම ටිකක් ඉහළයි. මෙම රෝගවලින් ආරක්ෂාවීමට කළයුතු ප්‍රධානම දේ නිසි ලෙෂ ඖෂධ සහ ආහාර ගෙන රෝගය පාලනය කර ගැනීමයි. 

නිරෝගී වුණත් ප්‍රෙෂර් බලාගන්න 
රෝග ලක්ෂණ නොපෙන්වා වසර 5 – 10 ක් වුණත් අධි රුධිර පීඩනය සිරුරේ තියෙන්න පුළුවන්. බොහෝවිට එවැනි අය රෝගය හඳුනා ගන්නෙ වෙනත් රෝගයකට ප්‍රතිකාර ගැනීම සඳහා රුධිර පීඩනය මනින විට වෙන්න පුළුවන්. අදි රුදිර පීඩනය ඇතැදිය දැනගන්න පුළුවන් මැනීමෙන් පමණක්ම බැවින් ඔබට වයස අවුරුදු 40 ට වැඩිනම්  ඉඳහිට හෝ රුදිර පීඩනය මැනගන්න. 

උපදෙස් – වෛද්‍ය භාග්‍යා මොහොට්ටි 

සටහන – උදේශිකා නෙලුම්දෙනිය 

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media