අදත් කඩින් කඩ වැස්ස කුඩයක් අරන් යන්න අමතක කරන්න එපා.

අදත් කඩින් කඩ වැස්ස කුඩයක් අරන් යන්න අමතක කරන්න එපා.

අද දිනයට අදාල ව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනාවැකියට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එහි වැඩිදුරටත් දැක්වෙනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40-50 පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් එම නිවෙදන්යේ සඳහන්.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media