එංගලන්තයට ගිය ශ්‍රී ලංකා පිල අසරණ වෙයි

එංගලන්තයට ගිය ශ්‍රී ලංකා පිල අසරණ වෙයි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරඟ සංචාරය ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ පස්වරුවේ ආරම්භ වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු සිව් දින පුහුණු තරඟය මෙලෙස පැවැත්වෙන්නේ එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමගයි.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 139කට දැවී ගියා. වැඩිම ලකුණුලාභියා වූ දිමුත් කරුණාරත්න රැස් කළ ලකුණු සංඛ්‍යාව 26ක්.

ප්‍රභාත් ජයසූරිය ලකුණු 20යි. නවක ක්‍රීඩක මිලාන් රත්නායක ද ලකුණු 17ක් රැස් කළා. වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 12 සීමාව පසු කර යාමට හැකි වුණේ නැහැ. සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත ලයන්ස් කණ්ඩායම දිනය අවසන් වන විට කඩුලු 04ක් දැවී ලකුණු 145ක් රැස් කර ගෙන සිටියා. ප්‍රභාත් ජයසූරිය කඩුලු 03යි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media