අරුණ දර්ශන හෙට ශ්‍රී ලංකා වේලා­වෙන් රාත්‍රී 10.35ට මීටර් 400 ඒවා තරඟ වදී…

අරුණ දර්ශන හෙට ශ්‍රී ලංකා වේලා­වෙන් රාත්‍රී 10.35ට මීටර් 400 ඒවා තරඟ වදී…

ශ්‍රී ලංකාවේ තවත් අනා­ගත බලා­පො­රො­ත්තු­වක් වූ මීටර් 400 ශූර අරුණ දර්ශන හෙට ශ්‍රී ලංකා වේලා­වෙන් රාත්‍රී 10.35ට පැරිස් ස්ටේට් ඩී ෆ්‍රාන්ස් ධාවන පථ­යට පිවි­සෙයි. මේ තර­ග­යේදී ලොව අති­දක්ෂ ක්‍රීඩ­ක­යන් 48ක් මූලික වට 6කින් තර­ග­යට එක්වන අතර, එයින් 24ක් අව­සන් පූර්ව වට­යට තෝරා ගැනී­මට නිය­මි­තය. නව ඔලි­ම්පික් මලල ක්‍රීඩා රීතින් අනුව පළ­මුව මූලික වටයේ ජය­ග්‍රා­හ­ක­යන් තිදෙනා බැගින් 18ක් අව­සන් පූර්ව වට­යට තෝරා­ගන්නා අතර, ඉතිරි 30 දෙනා ‘රිපී­චේජ් වටයේ’ යළි තරග කොට එයින් හොඳම කාලය වාර්තා කරන ක්‍රීඩ­ක­යන් 6කට අව­සන් පූර්ව වටයේ දොරටු විවර කෙරේ.

මේ වසරේ ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යේදී තත්පර 45.30කින් මීටර් 400 ධාවන ඉසව්වේ පෞද්ග­ලික හොඳම දක්ෂ­තාව වාර්තා කළ අරුණ දර්ශන ඔලි­ම්පික් තරග බිමේදී සිය පළමු ඉල­ක්කය ලෙස එම වාර්තාව අබි­බවා යෑමට උත්සහ කර­මින් සිටී. 1998දී ඉන්දු­නී­සි­යාවේ ජාකර්තා නුව­රදී සුගත් තිල­ක­රත්න විසින් තත්පර 44.61කින් පිහි­ටුවා තිබූ වසර 26ක් තිස්සේ තව­මත් නොබි­ඳුණු මීටර් 400 ශ්‍රී ලංකා වාර්තාව බිඳ­හෙළා දැමීම අරුණ දර්ශ­නගේ තවත් නැවුම් බලා­පො‍ෙ­රා­ත්තු­වකි.

මෙවර ඔලි­ම්පික් තරග බිමේදී අරුණ දර්ශ­නට ඉහ­ළින් ආසි­යාවේ ක්‍රීඩ­ක­යන් තිදෙ­නකු සිටින අතර, අනෙක් සියලු ක්‍රීඩ­ක­යන් යුරෝ­පීය, අප්‍රි­කානු, අමෙ­රි­කානු හා ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රීඩ­ක­යන් වේ. කටා­රයේ අමාර් ඉස්ම­යිල් තත්පර 45.03කින්, ජපා­නයේ යුකි ජෝෂප් තත්පර 45.16කින් හා සාටෝ කෙන්ටාරෝ තත්පර 45.21කින් අරුණ දර්ශ­නට වඩා ලෝක මීටර් 400 ක්‍රීඩක වර්ගී­ක­ර­ණයේ ඉදි­රි­යෙන් සිටිති.

ඔලි­ම්පික් ක්‍රීඩා උලෙ­ළට පැමිණ සිටින පුහු­ණු­කරු අසංක රාජ­ක­රුණා මහතා සමඟ සාර්ථක පුහුණු සැසි­ය­කට ඊයේ දිනයේ අරුණ දර්ශන එක්ව සිටි­යේය. එහිදී පුහු­ණු­කරු අසංක රාජ­ක­රුණා මහතා ‘දින­මිණ’ට පැව­සුවේ අරුණ දර්ශන මීටර් 400 තර­ග­යට ඉදි­රි­පත් වීම උදෙසා ඉතා උද්‍යෝ­ග­යෙන් සිටින බවයි. “ලෝකයේ අති­දක්ෂ ක්‍රීඩ­ක­යන් සමඟ අරුණ දර්ශන තරග කරන්නේ. නමුත් ඔහුට ඒ පිළි­බඳ කිසිදු චකි­ත­යක් නෑ. හොඳ සූදා­න­ම­කින් සිටි­නවා. යම් පෙර­ළි­යක් කිරී­මට අරු­ණට හැකි වේවි” රාජ­ක­රුණා මහතා පැව­සීය.

1999 ජන­වාරි 19දා ත්‍රිකු­ණා­ම­ල­යට නුදු­රින් සේරු­වි­ලදී උපත ලද අරුණ දර්ශන අකු­ර­ම්බොඩ වීර­කැ­ප්පෙ­ටි­පොළ ජාතික පාස­ලෙන් ක්‍රීඩා­වට අව­තීර්ණ වූවේය. දේශීය මලල ක්‍රීඩා කෙළි­බිමේ දක්ෂ­තම තරුණ පුහු­ණු­ක­රු­වකු වන අසංක රාජ­ක­රුණා මහතා යටතේ පුහු­ණුව ලබන අරුණ දර්ශන යුද හමු­දාවේ සේවය කර­මින් සිටී.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media