අසිත ප්‍රනාන්දුගේ නම ලෝඩ්ස් පිටියේ ගෞර­ව­නීය පුව­රු­වට

අසිත ප්‍රනාන්දුගේ නම ලෝඩ්ස් පිටියේ ගෞර­ව­නීය පුව­රු­වට

ලෝඩ්ස් පිටියේ දස්කම් දක්වන ක්‍රීඩ­ක­යන්ගේ නම් එක් කරන ගෞර­ව­නීය නාම පුරු­වට සිය නම එක් කර ගැනී­මට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ඊයේ සමත් විය.

2014 වසරේ සිට තර­ග­ය­කදී කඩුලු 5ක් හෝ ඊට වැඩි­යෙන් දවා ගැනී­මට සම­ත්වන පන්දු යව­න්නන්ගේ නම් ගෞර­ව­නීය නාම පුව­රු­වට එක් කරන අතර, ඒ අනුව අසිත එම පුව­රු­වට නම එක් කළ පළමු ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත් විය.

මේ තර­ග­යේදී ලකුණු 102කට සිය කඩුලු 5 බිඳ දැමී­මට අසිත සමත් වූ අතර, ඔලී පෝප්, හැරී බෘෘක්, ගස් ඇට්කි­න්සන්, මැතිව් පොට්ස් සහ ඔලි ස්ටොන් අසි­තගේ පන්දු හමුවේ දැවී ගියහ.

ලෝඩ්ස් පිටියේ ටෙස්ට් තර­ග­ය­කදී කඩුලු 5ක් බිඳ හෙළූ දෙවැනි ශ්‍රී ලාංකික පන්දු යවන්නා අසිත ප්‍රනාන්දු වන අතර, ඔහුට පෙර 1991 වස­රේදී රුමේෂ් රත්නා­යක ලකුණු 69කට කඩුලු 5ක් බිඳ දැමී­මට සමත්ව තිබිණි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media