ආගමන විගමන දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක්

ආගමන විගමන දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක්

ආගමන විගමන දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ නව විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක තොගයක් ලබන සැප්තැම්බර් මාසයේ ලැබීමට නියමිත බවයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පවතින විදේශ ගමන් බලපත්‍ර හිඟය කළමනාකරණය කිරීම සඳහා දැනට දිනකට විදේශ ගමන් බලපත්‍ර 1,000ක් පමණක් නිකුත් කරන බවයි.

එමෙන්ම, ආරක්‍ෂිත විශේෂාංග සහිත නව පෙනුමකින් යුතු විදේශ ගමන් බලපත්‍ර තොගය ලබන මස ලැබීමට නියමිත බැවින් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට ඉක්මන් වන ජනතාවට ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය දන්වා සිටින්නේ ලබන මාසය තෙක් සිටින ලෙසයි.

කෙසේ වෙතත්, පැරණි විදේශ ගමන් බලපත්‍රය ක්‍රමානුකූලව ඉවත් කරමින් වඩාත් ආරක්ෂිත සංචාරක ලියවිල්ලක් හඳුන්වා දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව කටයුතු කිරීම නිසා මෙම ගමන් බලපත්‍ර හිඟය නිර්මාණය වී ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය.

 
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media