ආසියාව ජයගත් සිංහ ධේනුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂයක්…

ආසියාව ජයගත් සිංහ ධේනුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂයක්…

ශ්‍රී ලංකා කණ්ඩායම් නායිකා චමරි අතපත්තු සහ හර්ෂිතා සමරවික්‍රමගේ මූලිකත්වයෙන් අඩිතාලම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 2024 T20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කිරුළ පළමු වතාවට ශ්‍රී ලංකාව සතුකර ගත්තා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපරාජිතව කිරුළ දිනාගැනීමද විශේෂත්වයක් විය.

ඒ අවසාන මහා තරගය ඉන්දීය කාන්තාවන් පරදා කඩුලු 8ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 165ක් ලබාගැනීමට සමත් වූවාය.
පිළිතුරු ඉනිම සඳහා ශ්‍රී ලංකා කාන්තාවන් පන්දු වාර 18යි පන්දු 4ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 167ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළාය.

නායිකා චමරි අතපත්තු සමග එක්වූ හර්ෂිතා සමරවික්‍රම දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87 ක අගනා සබඳතාවක් ගොඩනැගීමට සමත්වූවාය.
චමරි අතපත්තු පන්දු 43කින් ලකුණු 61ක් ලබා ක්‍රීඩා පිටියෙන් ඉවත් වුවද, හර්ෂිතා සමග එක්වූ කවීෂා දිල්හාරි ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් 2024 T20 ආසියානු කුසලානය තමන් සතුකර ගත්තාය.

හර්ෂිතා සමරවික්‍රම පන්දු 51කින් ලකුණු 69ක් සහ කවීෂා දිල්හාරි පන්දු 16කින් ලකුණු 30ක් ලැබීය.
අවසාන මහා තරගයේ වීරවරිය ලෙස පන්දු 51කින් ලකුණු 69ක් රැස්කළ හර්ෂිතා සමරවික්‍රම සම්මාන ලැබූ අතර තරගාවලියේ වීරවරිය ලෙස කණ්ඩායම් නායිකා චමරි අතපත්තු සම්මාන ලැබීය.

2024 T20 ආසියානු ක්‍රිකට් කුසලානය දිනූ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂයක මුදලක් පිරිනැමීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media