,

ඉන්දියාවේ අවදානම් ඖෂධ 156ක් තහනම් කරයි.

ඉන්දියාවේ අවදානම් ඖෂධ 156ක් තහනම් කරයි.

උණ ට, සෙම්ප්‍රතිශ්‍යාව ට සහ ප්‍රතිජීවක ලෙස භාවිත කරන ලද ඖෂධ වර්ග ඇතුළුව ඖෂධ 156ක් තහනම් කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එම ඖෂධ භාවිත කිරීම තුළින් මිනිස් ශරීරයට අවධානමක් ඇති විය හැකි බවට හඳුනාගැනීමෙන් අනතුරුව ඒවා තහනම් කිරීමට පියවර ගෙන ඇත. එම ඖෂධ වෙනුවට භාවිත කළ හැකි විකල්ප ඖෂධ ඇති බවත් සඳහන් ය.

එරට ඖෂධ තාක්ෂණික උපදේශක මණ්ඩලයේ නිර්දේශ මත පදනම්ව, මධ්‍යම රජය විසින් අදාළ ඖෂධ නිෂ්පාදනය කිරීම, විකිණීම සහ බෙදාහැරීම මෙලෙස තහනම් කර ඇති බව වාර්තා වී ඇත.

 

.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media