“ඊසොෆ්ට් – බ්ලූ ඇන්ඩ් ගෝල්ඩ් අභියෝග කුසලාන”

“ඊසොෆ්ට් – බ්ලූ ඇන්ඩ් ගෝල්ඩ් අභියෝග කුසලාන”

“ඊසොෆ්ට් මෙට්‍රෝ කැම්පස්” අනුග්‍රාහක ශක්තියෙන් බලගැන්වෙන “ඊසොෆ්ට් – බ්ලූ ඇන්ඩ් ගෝල්ඩ් අභියෝග කුසලාන” අන්තර් පාසල් අවුරුදු 20 න් පහළ බාලක සහ බාලිකා සත් සාමාජික හොකී තරගාවලියේ 19 වැන්න හෙට (10දා) සහ අනිද්දා (11දා) එම විද්‍යාලයීය ප්‍රධාන ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

දේශීය පාසල් පද්ධතිය තුළ නිරත පාසල් 68 ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙවර තරගාවලියෙන් යොවුන් හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා හඳුනා ගැනීම සහ ඇගයීමට ලක් කිරීම සංවිධායකයන් ගේ මූලික අරමුණ වී තිබේ. එමෙන්ම, ක්‍රීඩාව සහ අධ්‍යාපනය සමබරව පවත්වාගෙන පවත්වා ගනිමින් පෞරුෂය පිරුණු තරුණ තරුණියන් පිරිසක් මෙවර “බ්ලූ ඇන්ඩ් ගෝල්ඩ් සෙවන්ස්” පාසල් හොකී තරගාවලියේ ශූරතාව දිනා ගැනීම උදෙසා ඉදිරිපත්ව සිටින බාලක පාසල් සංඛ්‍යාව 43 කි. කණ්ඩායම් 25 ක් අතරේ බාලිකා තරගාවලිය ක්‍රියාත්මක කෙරේ.

මෙවර තරගාවලියේ බාලක මූලික වටය කාණ්ඩ 12 ක් යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර බාලිකා මූලික වටය කාණ්ඩ 08 ක් යටතේ පැවැත්වේ. දෙවන වටයේ සිට ඉදිරියට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමය භාවිත කිරීමට සංවිධායකයන් පියවර ගෙන තිබේ. සුපුරුදු පරිදි මෙවර ද “කුසලාන”, “පළඟ,” “බඳුණ”, “පළිහ”, ශූරතම කණ්ඩායම නම් කිරීමට පියවර ගෙන ඇති බව රාජකීය හොකී සමාජයේ ලේකම් දමිත සිල්වා මහතා අනාවරණය කළේය.

“ඊසොෆ්ට් සමූහ ව්‍යාපාරයේ සභාපති හා සාමාන්‍යධිකාරී ආචාර්ය දයාන් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර, ඡායාරූපය – නිශාන්. එස්. ප්‍රියන්ත

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media