ඔලි­ම්පික් කොමි­ෂන් සභා ඡන්ද­යට ගිය පළමු ශ්‍රී ලාංකි­කයා ලෙස නිලූක ඉති­හා­ස­ගත වෙයි

ඔලි­ම්පික් කොමි­ෂන් සභා ඡන්ද­යට ගිය පළමු ශ්‍රී ලාංකි­කයා ලෙස නිලූක ඉති­හා­ස­ගත වෙයි
  • අමෙ­රි­කාවේ ඇලි­සන් ෆිලික්ස්ට ඡන්ද 2,880ක්
  • ආසි­යාව නියෝ­ජ­නය කළ නිලූ­කත් ඡන්ද 308ක් අරන්

අන්ත­ර්ජා­තික ඔලි­ම්පික් කමි­ටුව විසින් සියලු ක්‍රීඩ­ක­යන් නියෝ­ජ­නය කිරීම උදෙසා බල­තල ලබා­දෙන ක්‍රීඩක කොමි­ෂන් සභා ඡන්ද­යට ඉදි­රි­පත්වූ මුල්ම ශ්‍රී ලාංකික ක්‍රීඩ­කයා බවට පත්වෙ­මින් නිලූක කරු­ණා­රත්න ඉති­හා­ස­ගත වෙයි.

ක්‍රීඩක කොමි­ෂන් සභා ඡන්ද­යෙන් හිටපු ඔලි­ම්පික් ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් 4ක් තෝරා­ගත් අතර, එයට ශ්‍රී ලංකා බැඩ්මි­න්ටන් ක්‍රීඩක නිලූක කරු­ණා­රත්න තේරී පත් නොවු­ණද ඡන්ද 308ක් ලබා තිබිණි. රට­වල් 206ක ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් 10,613 දෙනාම ඡන්දය දීම සඳහා සුදු­සු­කම් ලබා සිටි­යත්, ඡන්ද ප්‍රකා­ශය 6,576ක් වූවේය. නිලූක කරු­ණා­රත්න මේ ඡන්ද­යට සහ­භා­ගි­වීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජය­ග්‍ර­හ­ණ­යක් බව පෙන්වා දෙනු ලැබීය.

නිලූක කරු­ණා­රත්න බැඩ්මි­න්ටන් ක්‍රීඩා­වෙන් 2012 ලන්ඩන්, 2016 රියෝ සහ 2020 ටෝකියෝ යන ඔලි­ම්පික් උලෙළ තුනේ­දීම ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කළ අතර, 2001 වසරේ සිට අවස්ථා වැඩි ගණ­න­කදී ජාතික ශූර­තාව දිනා ගත්තේය. වසර 22ක කාල­යක් ජාතික මෙන්ම ජාත්‍ය­න්තර මට්ටමේ ඉහළ දක්ෂතා දැක්වූ ඔහු ලෝක ශ්‍රේණි­ගත කිරීමේ 34 වැනි ස්ථාන­යට පත් විය.

අන්ත­ර්ජා­තික ඔලි­ම්පික් කමිටු විධා­යක මණ්ඩ­ලය මගින් අනු­මත කරන ලද ලෝකයේ විවිධ රට­ව­ලින් නාම­යෝ­ජනා ලැබූ ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් 32ක් අත­රින්, 29ක් මෙම ඔලි­ම්පික් ක්‍රීඩක කොමි­ෂන් සභා­වට තරග කළහ. ආසියා, යුරෝපා, ඔස්ට්‍රේ­ලියා, අප්‍රිකා සහ අ‍ෙම­රිකා මහ­ද්වී­ප­ව­ලින් ඉදි­රි­පත් වූ අපේ­ක්ෂ­ක­යින් අතු­රින් තුන් දෙනෙකු ඡන්ද­යෙන් ඉවත් කරනු ලැබීය.

2032 පැවැ­ත්වී­මට නිය­මිත බ්‍රිස්බේන් ඔලි­ම්පික් උලෙළ දක්වා අට වස­රක කාල­යක් මේ කොමි­ෂන් සභාවේ නව සාමා­ජි­ක­යින් ක්‍රියා­ත්මක වේ. ඇලි­සන් ෆිලික්ස් (අමෙ­රි­කාව-මලල ක්‍රීඩා ) ඡන්ද 2,880ක් ලබා­ගත් අතර, කිම් බුයි (ජර්ම­නිය-ජිම්නා­ස්ටික්) ඡන්ද 1,721ක්, ජෙසිකා ෆොක්ස් (ඔස්ට්‍රේ­ලි­යාව-ඔරු පැදීම ) ඡන්ද 1,567ක් හා මාකස් ඩැනි­යල් (නව­සී­ල­න්තය-ටෙනිස්) ඡන්ද 1,563ක් ලබා මෙම කොමි­ෂන් සභා­වට තේරී පත් වූහ.

මේ නව සාමා­ජි­ක­යි­න්ගෙන් සැදු­ම්ලත් ක්‍රීඩ­ක­යන්ගේ කොමි­ෂන් සභාවේ ක්‍රියා­කා­ර­කම් සහ තීර­ණ­යන් සම්බ­න්ධ­යෙන් ජගත් ඔලි­ම්පික් කමි­ටුව වග­කීම දරන අතර, ඔලි­ම්පික් ව්‍යාපා­රය තුළ ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් නියෝ­ජ­නය කිරීම, ඔවුන්ගේ ක්‍රීඩා සහ ක්‍රීඩා නොවන වෘත්තීන් සාර්ථක කර ගැනී­මට සහ ක්‍රීඩක ක්‍රීඩි­කා­වන්ගේ ජාලය සවි­බල ගැන්වී­මට සහාය වීම මේ කමි­ටුවේ වග­කීම වේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media