ඕස්ට්රේලියාවේ පදිංචියට යෑම සඳහා ලක්‍ෂ 30ක් වංචා කළ රාජ්‍ය ඇමැතිගේ සම්බන්ධීකරණ ලේකම්ට මීගමුවේදි ඇප

ඕස්ට්රේලියාවේ පදිංචියට යෑම සඳහා ලක්‍ෂ 30ක් වංචා කළ රාජ්‍ය ඇමැතිගේ සම්බන්ධීකරණ ලේකම්ට මීගමුවේදි ඇප

ඕස්ටේ්‍රලියාවේ පදිංචියට යෑම සඳහා වීසා ඇතුළු අවශ්‍ය කටයුතු සිදුකර දෙන බවට පොරොන්දුවී ලක්‍ෂ තිහක මුදලක් වංචා කළ රාජ්‍ය අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු සහ තැරැව්කරුවකු රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ පුද්ගල ඇපමත මුදාහරින ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා නියෝග කළේය.

පෝරුතොට පදිංචි සහාබ්දින් පාතුම්මා සබ්‍රාන් නමැතියක විසින් මීගමුව කොට්ඨාසයේ වංචා විමර්ශන අංශයට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ පුළුල් විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි.

සම්බන්ධීකරණ නිලධාරියා වංචා කළ මුදලින් ලක්‍ෂ 15ක් සහ තැරැව්කරු විසින් රුපියල් පනස් දහසක් පැමිණිලිකාරියට ගෙවීමෙන් අනතුරුව මෙසේ ඇප මත මුදාහරිනු ලැබෙුවේ වයික්කාලේ පදිංචි රොසාන් සේනානායක සහ කොච්චිකඩේ පදිංචි මොහොමඩ් අලි නමැත්තන්ය.

සම්බන්ධීකරණ නිලධාරියාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තම ගිණුමට තැන්පත් කළ ලක්‍ෂ පහළවක මුදල තමන් විසින් රාජ්‍ය අමාත්‍යවරයාට ලබාදුන් බව ප්‍රකාශ කර ඇති බවද පොලිසිය පවසයි. රාජ්‍ය ඇමැතිවරයාට මීගමුව කොට්ඨාසයේ වංචා විමර්ශන අංශයට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස අවස්ථා කීපයකදී දැනුම් දී ඇති බවත් ඒ සඳහා නොපැමිණි බවත් පොලිසියේ ආරංචි මාර්ග පවසයි.

මීගමුව කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාසයේ වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රෝහණ මුණසිංහ, සැරයන් (2366) මනෝජ් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

මීගමුව – විමල් කීර්ති

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media