කොටුගොඩ පොලිස් මාර්ග බාධකයේ දී මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යාමේ දී පුද්ගලයෙකු මරුට

කොටුගොඩ පොලිස් මාර්ග බාධකයේ දී මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යාමේ දී පුද්ගලයෙකු මරුට

සීදූව පොලිස් වසමේ කොටුගොඩ පොලිස් මාර්ග බාධකයේ දී මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යාමේ දී පුද්ගලයෙකු විසින් පොලිස් සැරයන්වරයාගේ ගිනිඅවිය උදුරාගැනීමට උත්සාහ කිරීමේදී ඇතිවූ ගැටුමකින් පුද්ගලයකු මියගොස් ඇත. සීදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සීදූව දෙස සිට පැමිණි මෝටර් රථයක් පරීක්ෂා කිරීමට උත්සාහා කිරීමේදී මෙම සිද්ධිය වී තිබේ. එම අවස්ථාවේ දී මෝටර් රථයේ වම්පස අසුනේ සිටි පුද්ගලයෙකු විසින් පොලිස් සැරයන්වරයාගේ රාජකාරි ගිනිඅවිය උදුරාගැනීමට තැත් කිරීමේ දී එම අවිය ක්‍රියාත්මක වී අදාළ නිලධාරියාගේ පාදයකට හා උදුරාගැනීමට උත්සාහ කළ පුද්ගලයාගේ උදරයට වෙඩි වැදී තිබේ. දෙදෙනාම මීගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී මෝටර් රථයේ සිටි 38 හැවිරිදි පූගොඩ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

සීදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media