කටුනායකදී අත්අඩංගුවට ගත්ත ප්‍රසිද්ධ නළුවාගේ හිටපු බිරිඳ මෙන්න

කටුනායකදී අත්අඩංගුවට ගත්ත ප්‍රසිද්ධ නළුවාගේ හිටපු බිරිඳ මෙන්න

ප්‍රකට රංගන ශිල්පියෙකු හා රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත්කරන්නෙකු වන කවිංග පෙරේරා විවාහව සිටි වෛද්‍ය සනායා පෙරේරා මහත්මිය පසුගිය 05 වනදා උදෑසන ගුවන් යානයකින් දිවයිනට පැමිණීමේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාරදුන් බව වාර්තා විය.

වාර්තාවන ආකාරයට ඩුබායිහි රැකියාව කරමින් සිටි ඇය ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. ඇයට එරෙහිව  මූල්‍ය වංචා පිළිබඳව නඩුවක් පවතින බවත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස්ගතවීම තහනම් කළ නියෝගයක් ඇති බවත් ඇය විදෙස්ගතව සිට එද්දී හසුවන්නේ මේ සංසිද්ධිය නිසා බවත් පැවසේ.

37 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක වන සනායා ඩුබායිහි Dubai Derma Skin Health ආයතනයේ රූපලාවණ්‍ය සම්බන්ධ (Cosmetic) වෛද්‍ය සේවාවන්හි රැකියාවේ නිරතවන්නියක වන අතර චීනයේ ටියැන්ජින් විශ්ව විදයාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ඇත්තියකි. ඇය ලංකාවේදී කේඩීයූ රෝහලට අනුයුක්තව පුහුණුවද ලබා ඇත.

කවිංග සමග 2018 දී විවාහවූයේ යෝජනාවකින් පසු ඇරඹි වසර 2 ක පමණ පෙම් සබඳතාවයකිනි.

ඔවුන් එැතැන් සිට 2024 මැයි දක්වා කාලයේ වසර 6 ක් පමණ විවාහව සිටි නමුත් ඇගෙන් වෙන්වූ බව කවිංග පසුගිය ජූලි මස මාධ්‍ය වෙත පැමිණ පවසා සිටියේය. ඔහු කියා තිබුනේ දෙන්නා අතින්ම වැරදි සිදුවූ බවයි.

කාවිංග පෙරේරා ගේ හිටපු බිරිඳ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත  5 වනදා උදෑසන 08.50 ට පැමිණමින් සිටියදී , මූල්‍ය වංචා පිළිබඳව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවා තිබූ ගුවන් ගමන් තහනමක් මත  ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමෙන් පසු ගුවන් තොටුපොළ පොලිසිය විසින් කොළඹ , කොල්ලුපිටිය පොලිසිය වෙත ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සදහා භාර දී තිබුණි.

 
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media