කටුනායක ගුවන්තොටුපොළ බස් වර්ජනයක් !

කටුනායක ගුවන්තොටුපොළ බස් වර්ජනයක් !

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා ක්‍රියාත්මක වන පරිදි අද උදෑසන ආරම්භ කළ නව සුඛෝපභෝගී බස් රථ සේවාවට විරෝධය පළකරමින් ගුවන්තොටුපොළේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන සුඛෝපභෝගී බස් රථ සංගමය වර්ජනයක් ආරම්භ කර තිබේ.

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති කාලසීමාවක නව රැකියා සඳහා පත්වීම් ලබාදීමට නොහැකි සේම නව බස් රථ සඳහා ද එම නිර්දේශ ඒ ආකාරයටම බලපවත්වන බැවින් තමන් මෙම ගමනාන්ත සඳහා එක් මගියෙකුගෙන් අය කරන්නේ රුපියල් 300ක් වැනි මුදලක් වුවත්, නව බස් රථ සේවාවෙන් එක් මගියෙකුගෙන් රුපියල් 3,000ක මුදලක් අය කරන බව එම බස් රථ සංගමයේ සභාපති ඉන්දික ගුණසේකර මහතා පෙන්වා දුන්නේය.

තම බස් රථ සංගමය මේ වනවිට මෙම ගැටලුව ජනාධිපතිවරයා ඇතුළු සහ මෙම ක්ෂේත්‍රයේ බලධාරීන් වෙත යොමු කර ඇති බවත්, මෙම ගැටලුවට කඩිනම් විසඳුම් නොලැබුණහොත් තම වර්ජනය හෙට දිනය වනවිට මීගමුව මාර්ගය දක්වා ක්‍රියාත්මක කරන බවට අනාවරණය කළේය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media