කඳාන වැලිගම්පිටිය හංදියේ යතුරුපැදි – ටිපර් අනතුරකින් තරුණයෙක් මරුට

කඳාන වැලිගම්පිටිය හංදියේ යතුරුපැදි – ටිපර් අනතුරකින් තරුණයෙක් මරුට


කඳාන වැලිගම්පිටිය හංදියේ දී අද (19) යතුරුපැදියකින් පැමිණි තරුණයින් තිදෙනෙකු ටිපර් රථයක ගැටීමෙන් අනතුරක් සිදු ව තිබෙනවා. අනතුරෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 18 හැවිරිදි ක්‍රිෂාන් පෙරේරා නමැති තරුණයෙක්.

අනතුරට පත් යතුරුපැදිකරු හා අනෙක් පුද්ගලයන් දෙදෙනා හිස්වැසුම් නොමැතිව වැලිගම්පිටිය දෙස සිට කොළඹ – මීගමුව මාර්ගය දෙසට ගමන් කරමින් සිටිය දී වැලිගම්පිටිය හංදිය ආසන්නයේ දී පොලිස් නිලධාරීන් විසින් යතුරුපැදිය නවත්වන ලෙස සංඥා කළ බවයි පොලීසිය සඳහන් කළේ.

එහිදී ඔවුන් අණ නොතකා ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය කර ඇති අතර, පිටුපස අංක තහඩුව නොමැතිව ගමන්ගත් යතුරුපැදිය මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිසීමේ දී මීගමුව දෙස සිට පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බවයි පොලීසිය පවසන්නේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media