,

කිසිදු සුදුසුකමක් නැති පුද්ගලයින් ඇප තියනවා – බොරුවට ඉදිරිපත් වෙන්න එපා

කිසිදු සුදුසුකමක් නැති පුද්ගලයින් ඇප තියනවා – බොරුවට ඉදිරිපත් වෙන්න එපා

ජනාධිපතිවරණය සඳහා නියමිත සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයන් ඇප මුදල් තැන්පත් කිරීමේ තත්වයක් මේ වනවිට නිර්මාණය වී ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කරයි.

මාධ්‍ය හරහා ප්‍රචාරයක් ලබා ගැනීමේ අරමුණින් පසුගිය දින කිහිපයේ එවැනි පුද්ගලයන් කිහිප දෙනෙකු මැතිවරණ කොමිෂන් සභාවට ඇප මුදල් තැන්පත් කිරීමට පැමිණි බවද සදහන් කරයි.

එනිසා විවිධ හේතුන් මත අනවශ්‍ය පරිදි මැතිවරණය සඳහා ඉදිරිපත් වීමෙන් වලකින ලෙසද මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක තවදුරටත් සදහන් කරයි

රටේ දේශපාලනය පිළිබඳව කිසියම් හෝ දර්ශනයක් නොමැතිව ඉදිරිපත් වීම හරහා මැතිවරණය සඳහා වැයවන මුදල ඉහළ යා හැකි බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක සදහන් කරයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media