කෙහෙලිය පවුලේ වත්කම් තහනම් කරයි.!

කෙහෙලිය පවුලේ වත්කම් තහනම් කරයි.!

මාස 7කට අදික කාලයක් බන්ධනාගාර ගතව සිට පසුගියදා ඇප හිමිවූ හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ල මහතාට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ මහාධිකරණය අද (19) නියෝගයක් නිකුත් කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබූවේ අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

රමිත් රඹුක්වැල්ල මහතා විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවාස දෙකක් රුපියල් මිලියන 80ක් සහ රුපියල් මිලියන 65 බැගින් මිලදී ගෙන තිබෙන බවට අල්ලස් කොමිසම විසින් අධිකරණයට දැනුම් දී තිබුණි.

එම නිවාස සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් ඊට අදාළව එම දේපොළ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට අල්ලස් කොමිසම අද අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව එම තහනම් නියෝගය නිකුත් කෙරෙණි.

අදාළ දේපොළ ලබන දෙසැම්බර් මස 19 වනදා දක්වා පරිහරණය කිරීම තහනම් කරමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කළේය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media