ග්‍රාම නිලධාරීන් අද සිට කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කෙරේ…

ග්‍රාම නිලධාරීන් අද සිට කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කෙරේ…

අද සිට ලබන 19 වැනිදා දක්වා කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත්කර ඇතැයි ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසයි. ග්‍රාම නිලධාරීන්ගේ අදහස් විමසීමකින් තොරව ග්‍රාම නිලධාරී ව්‍යවස්ථාවක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට විරෝධය පළකරමින් මෙම ක්‍රියාමාර්ග ගන්නා බව එහි සම සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේ ය.

මේ අතර, දිවයිනේ සියලු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ග්‍රාම නිලධාරීන් අද(12) පෙරවරුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිටට කැඳවා විරෝධතාවක නිරතවන බව ද, ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media