ගුරු – විදුහල්පති අකුරට වැඩ තවදුරටත්

ගුරු – විදුහල්පති අකුරට වැඩ තවදුරටත්

ගුරු – විදුහල්පතිවරුන්ගේ ගැටලු පිළිබඳ අධ්‍යාපන බලධාරීන් කල්මරමින් සිටීම හේතුවෙන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය මැතිවරණ සමයේ වුවත් තවදුරටත් ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසනවා.

තුනෙන් එකක වැටුප් විෂමතාව ලබානොදීම, දෙමාපියන්ට අධ්‍යාපන බර පැටවීම ඇතුළු ගැටලුවලට විසඳුම් ලබා නොදෙමින් අධ්‍යාපන බලධාරීන් දිනෙන් දින කල්ඇරීම හේතුවෙන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් සිදුකරන බවයි ඒ මහතා කියා සිටියේ.

පාසල් වේලාව තුළ දරුවන්ට ඉගැන්වීමේ කටයුතු සිදුකරන බවත්, පාසල් වේලාවෙන් පසු අධ්‍යාපන බලධාරීන් සමඟ සිදුකරන කිසිදු වැඩකටයුත්තකට සම්බන්ධ නොවන බවත් ජෝෂප් ස්ටාලින් මහතා අවධාරණය කළා.

ජනාධිපතිවරයා වෙත යොමුකරන ලද ලිපියද ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලබාදී නොමැති බවයි ඔහු ප්‍රකාශ කළේ.

සිය ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේ දී මීට වඩා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බවද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා වැඩිදුරටත් කියා සිටියා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media