ගුවන් සේවිකාවකට පරුෂ වචනයෙන් බැණවැදුණු මගියෙකු කටුන අත්අඩංගුවට

ගුවන් සේවිකාවකට පරුෂ වචනයෙන් බැණවැදුණු මගියෙකු කටුන අත්අඩංගුවට

කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානක සේවයේ නිරත වී සිටි ගුවන් සේවිකාවකට එහි ගමන් ගත් මගියෙකු විසින් අතින් ඇද පරුෂ වචනයෙන් බැණ වැදීමේ සිදු වීමක් සම්බන්ධයෙන් එම ගුවන් මගියා කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර අත්අඩංගුවට ගැනීමෙන් මද වේලාවකට පසු ගුවන් තොටුපොළ පොලිසිය තුළ දී හෘදයාබාධයක් වැළදීම හේතුවෙන් මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

හිංසනයට ලක් වූ ගුවන් සේවිකාව ද වෛද්‍ය පරීක්ෂණ සදහා මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත පොලිසිය විසින් ඉදිරිපත් කර තිබෙ

සැකකාර ගුවන් මගියා ගුවන් අවකාශය තුළ සිදු වූ සිදුවීමක් බැවින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහුට ඇප දීම නීතිපතිවරයා විසින් තීරණය කළ යුතු බව කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් සඳහන් කර සිටියා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media