ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමක් සඳහා ඊශ්‍රායල අගමැතිගේ එකඟත්වය

ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමක් සඳහා ඊශ්‍රායල අගමැතිගේ එකඟත්වය

ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමක් සඳහා වූ ඇමරිකානු යෝජනාවකට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එකඟ වී තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසන්නේ, ඒ සඳහා‍ හමාස් සංවිධානයට එකඟ විය හැකි බවයි.

මෙම දෙපල සාකච්ඡා සඳහා ඊශ්‍රායලයේ ටෙල් අවිව්හිදී හමුවීමෙන් අනතුරුව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මේ බව කියා සිටියේය.

නෙතන්යාහු මහතා කියා සිටියේ යෝජනා පිළිබඳව ධනාත්මකව සිටින බවයි.

හමාස් සංවිධානය විසින් තවමත් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පිළිබඳව සඳහා තම කැපවීම ඔහු නැවත අවධාරණය කර ඇත.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media