චීනයෙන් හොරෙන් ගෙනා මිනිස් පරිභෝජනයට නුසුදුසු ටින් මාළු කන්ටේනර් 30ක් වරායේ

චීනයෙන් හොරෙන් ගෙනා මිනිස් පරිභෝජනයට නුසුදුසු ටින් මාළු කන්ටේනර් 30ක් වරායේ

වසර ගණනාවක් අධි ශීතකරණවල බහා තිබූ මාළුවලින් සකස් කළ මෙම මිනිස් පරිභෝජනයට නුසුදුසු බාල වර්ගයේ මාළු මෙරටට ආනයනය කර ඇති අතර ඒවා රේගුවෙන් නිදහස් කර ගැනීමේ ගැටලු මතු වී ඇතැයිද පැවසෙනවා.

ටින් මාළු ආනයනය කිරීම තහනම් කර තිබියදී අතිවිශාල ඩොලර් ප්‍රමාණයක් වියදම් කර ටින්මාළු විශාල ප්‍රමාණයක් ඉකුත් කාලය පුරාවට මෙරටට ආනයනය කර තිබෙන බවද වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

බාල වර්ගයේ ටින් මාළු ආනයනය කර ඒවා ඉතා අඩු මිල ගණන් යටතේ අලෙවි කර එම මුදලින් වෙනත් ජාවාරම් සිදු කිරීමට ඇතැම් ආනයනකරුවන් කටයුතු කරන බවද එම ආරංචි මාර්ග කියයි.

ටින් මාළු සඳහා පනවා ඇති ආනයන තහනම නොතකා එම ජාවාරම් සිදුවන බවද පිටකොටුව වෙළඳෙපොළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media