,

ඡන්දේට ඇඩ්වලට වැඩිම වියදම දැරූ අපේක්ෂකයා රනිල්

ඡන්දේට ඇඩ්වලට වැඩිම වියදම දැරූ අපේක්ෂකයා රනිල්

පසුගිය මාසය තුළ Meta වේදිකා හරහා දේශපාලන දැන්වීම් වෙනුවෙන් වැඩිම මුදලක් වියදම් කළ රට බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ව්‍යාපාරය පත්ව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

Meta Ad library දත්ත වලට අනුව වික්‍රමසිංහට සහාය දක්වන දේශපාලන ව්‍යාපාර ජූනි 30 සිට ජුලි 29 දක්වා Meta වෙළඳ දැන්වීම් සඳහා පමණක් රුපියල් මිලියන 5.1ක් හෝ ඩොලර් 17,000කට වැඩි මුදලක් වියදම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඩොලර් 13,093ක මුදලකට දැන්වීම් 44ක් ලබා ගනිමින් ‘රනිල් සමග එක්වන්න’ ෆේස්බුක් පිටුව ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර ‘එජාප ස්වේච්ඡා සේවකයෝ’ පිටුව දැන්වීම් 8ක් සඳහා ඩොලර් 3,559ක් වියදම් කර ඇති බව සඳහන්.

එමෙන්ම ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂට සහය පළ කරමින් දැන්වීම් 10ක් වෙනුවෙන් ඩොලර් 2,323ක් වැය කර ඇති බව අනාවරණ වී තිබෙනවා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media