ජාතික කොඩිය ඡන්ද ප්‍රචාරක කටයුතුවලට යොදා ගත්තොත් වෙන දේ

ජාතික කොඩිය ඡන්ද ප්‍රචාරක කටයුතුවලට යොදා ගත්තොත් වෙන දේ

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසම නිවේදනය කරයි. ඒ අනුව ජාතික කොඩිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සදහා භාවිත කරන පාර්ශ්ව සඳහා දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. මැතිවරණ කාර්යාල සකස් කිරීමට අදාළ ව නිකුත් කර ඇති චක්‍රලේඛයේ ද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර ඇතැයිද පවසයි. තවද ප්‍රචාරක කටයුතු සඳහා ආගමික සංකේත භාවිත කිරීම ද තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media