ජනතාව ඉල්ලා සිටින්නේ හුදෙක් ආණ්ඩුවේ වෙනසක් පමණක් නොවෙයි – අනුර

ජනතාව ඉල්ලා සිටින්නේ හුදෙක් ආණ්ඩුවේ වෙනසක් පමණක් නොවෙයි – අනුර

ජනතාව ඉල්ලා සිටින්නේ හුදෙක් ආණ්ඩුවේ වෙනසක් පමණක් නොව, ගමන් කරමින් ඇති දේශපාලන මාවත හා දේශපාලන සංස්කෘතියේ වෙනස් වීමක් බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකම මේ වන විට සිදු කරන්නේ කොහෙන් හෝ පනින කෙනෙක් තම කඳවුරට ගෙන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඒ පිළිබ​ඳ Breaking News දැමීම බවයි අද (21) ගම්පොල ප්‍රදේශයේ පැවති රැළියක් අමතමින් ඔහු සඳහන් කළේ.

මෙම පිල් මාරු කිසිවක් රට ගැන සිතා සිදුකරන පිල් මාරු නොවන බවත්, එහි ඇත්තේ තමන් ගැන පමණක් කල්පනා කර සිදුකරන බල හුවමාරු පමණක් බවද ඔහු සඳහන් කළා.

රට සෑදීමට අවශ්‍ය නම් වංචාව, දූෂණය හා නාස්තිය නතර කළ යුතු බවද, ඒවා නතර කිරීම සඳහා වෙනසක් අවශ්‍ය නම් එම වෙනස සිදු කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media