,

ජනාධිපතිවරණයේ බුද්ධි අංශ වාර්තාවක් එළියට එයි.

ජනාධිපතිවරණයේ බුද්ධි අංශ වාර්තාවක් එළියට එයි.

රාජ්‍ය බුද්ධි අංශ විසින් ඉදිරි ජනාදිපතිවරණය සම්බන්ධයෙන් සිදුකරන ලද සමීක්ෂණයකදී හෙළි වී ඇත්තේ මේ වන විට ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ හතළිහකට වැඩි පිරිසක් ඡන්දය භාවිතා කරන කරන්නේ කාටදැයි මෙතෙක් තීරණය කර නොමැති බවයි.

බුද්ධි අංශ විසින් පසුගිය දින කිහිපයේ ඉතා සියුම් ලෙස සිදු කරන ලද සමීක්ෂණවලදී මෙම කරුණු හෙළි වී ඇති බවයි පැවසෙන්නේ.

බොහෝ පිරිස් ජනාධිපතිවරණයේදී මනාපය පළ කරන අපේක්ෂකයා අවසාන සති කීපයේදී තෝරාගනු ඇති බවයි එහිදී හෙළි වී ඇත්තේ.

අපේක්‍ෂකයන්ගේ ජනප්‍රියත්වය, ඔවුනට රට ගොඩනැගීමට ඇති වැඩපිලිවෙල, රටේ පවතින දේශපාලන තත්ත්වය ආදී කරුණු සියල්ල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙම පිරිස තම අපේක්ෂකයා තෝරා ගැනීමට සූදානමින් සිටින බවයි එම වාර්තාව පවසන්නේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී ලක්ෂ දහයකට වැඩි පිරිසක් තම මුල්ම ඡන්දය ප්‍රකාශ කිරීමටද නියමිතව තිබීම ද විශේෂත්වයක්.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media