ජනාධිපති අපේක්ෂකයෙකු මිය යයි… මැ.කො. ගෙන් නිවේදනයක්

ජනාධිපති අපේක්ෂකයෙකු මිය යයි… මැ.කො. ගෙන් නිවේදනයක්

මෙම මස 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වූ මොහමදු ඉල්යාස් මහතා අභාවප්‍රාප්තවීමෙන් පසු වෙනත් අපේක්ෂකයකු යෝජනා කර නැති නිසා ඒ මහතා වෙනුවෙන් සළකුණු කරන ඡන්ද ප්‍රතික්ෂේප කරනු ලැබිය යුතු ඡන්ද පත්‍රිකාවක් ලෙස සලකනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා විසින් ඊයේ (17දා) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අදාළ අපේක්ෂකයාගේ මරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සෑහීමකට පත්වන බවත් එම අපේක්ෂකයා නම් කළ කේ. එම්. එන්. සංජය සම්පත් රේමන් වෙත වෙනත් අපේක්ෂකයකු නාමයෝජනා කරන ලෙස 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 22(1) උප වගන්තිය අනුව විධානය කළ බවත් ඔහු විසින් එම විධානයේ දින සිට දින තුනක් ඇතුළත වෙනත් අපේක්ෂකයකු නාමයෝජනා කිරීම පැහැර හැර ඇති බවත් සිය නිවේදනයෙහි දක්වා ඇත.

මොහමදු ඉල්යාස් මහතා 2024/08/22 දින මරණයට පත්විය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media