ජනපති සටනට දැන් 27ක්

ජනපති සටනට දැන් 27ක්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට නව සමසමාජ පක්ෂය වෙනුවෙන් වෘත්තිය සමිති නායක ප්‍රියන්ත වික්‍රමසිංහ , අපේ ජනබල පක්ෂය වෙනුවෙන් ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න සහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස එම්.තිලකරාජා යන මහත්වරු වෙනුවෙන් අද දිනයේ ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව මේ දක්වා ඇප තැන්පත් කර ඇති අපේක්ෂකයින් ගණන 27කි. පිළිගත් දේශපාලන පක්ෂ වලින් අපේක්ෂකයින් 13ක් ද වෙනත් දේශපාලන පක්ෂ වලින් එක් අපේක්ෂකයෙක් ද ස්වාධීන අපේක්ෂකයින් 13ක් ද සිටිති.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media