,

ජලභීතිකාවෙන් මරණ 11ක් – සුනඛයෙකු සපා කා මාස 3ක් ගියත් නොමිලේ එන්නත

ජලභීතිකාවෙන් මරණ 11ක් – සුනඛයෙකු සපා කා මාස 3ක් ගියත් නොමිලේ එන්නත

ජලභීතිකාව හේතුවෙන් මේ වසරේ ගත වු කාලය තුළ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පවසනවා.

මේ මරණ වළක්වා ගැනීමට හැකි ඒවා වන අතර සුනඛයෙකු සපා කෑමට ලක්වීමෙන් පසු නිසියාකාරව ප්‍රතිකාර ලබා ගැනීමෙන් මරණ වළක්වා ගත හැකි බව ඔහු සඳහන් කරයි.

රජයේ රෝහල් 300කින් පමණ ජලභීතිකා එන්නත නොමිලේ ලබා දීම සිදු කරන බව විශේෂඥ වෛද්‍යවරයා පැවසුවා.

සුනඛයෙකු සපා කා මාස තුනක් ගත වුවත් ජලභීතිකා එන්නත රජයේ රෝහල්වලින් නොමිලේ ලබා ගත හැකි බව ඔහු දැනුම්දෙනවා.

සුනඛයාට අමතරව බළලා, මුගටි, නරි, දඬු ලේනා, ඌරු මීයා, උරුලෑවා , වඳුරා, ලේන්නු, හරක්, උගුඩුවා යනාදී සත්ත්වයන් සපාකෑමෙන්ද ජලභීතිකාව වැළඳීමට පුළුවන්.

වසර 2030 වනවිට මෙරටින් ජලභීතිකාව තුරන් කිරීම අරමුණ බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා වැඩිදුරටත් පවසනවා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media