,

ජාතික යොවුන් සේනාංක අන්තර් පළාත් ක්‍රීඩා උලෙළේ ශූරතාවය බස්නාහිර පළාතට

ජාතික යොවුන් සේනාංක අන්තර් පළාත් ක්‍රීඩා උලෙළේ ශූරතාවය බස්නාහිර පළාතට

ජාතික යොවුන් සේනාංක අන්තර් පළාත් 2024 ක්‍රීඩා උලෙළ සමස්ත ශූරතාවය බස්නාහිර පළාතටත් අනු ශූරතාවය වයඹ හා සබරගමු පළාතටත් හිමි විය.

පසුගිය 23 – 24 දෙදින දිවුලපිටිය යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම ක්‍රීඩා උලෙළ සඳහා ජාතික යොවුන් සේනාංක Òයූත් කැඩෙට්වරුන්ගේÓ ක්‍රීඩා කුසලතා ඔප්නැංවීම් වෙනුවෙන් පැවැති පළාත් නවය නියෝජනය කළ මධ්‍යස්ථාන 58 ක තරුණ තරුණියෝ මේ සඳහා සහභාගි වූහ.

මෙහිදී පැවති තරග ඉසව් අතරින් වායු රයිෆල් වෙඩි තැබීම බාලක ශූරතාවය ඌව පළාතටත් ,අනු ශූරතාවය උතුරු පළාතටත් හිමි විය.

වායු රයිෆල් වෙඩි තැබීමේ බාලිකා ශූරතාවය වයඹ පළාතට හිමි වූ අතර අනු ශූරතාවය සබරගමු පළාතට හිමි විය.

දුනු විදීමේ බාලක ශූරතාවය ඌව පළාතටත්, අනු ශූරතාවය වයඹ හා බස්නාහිර පළාත්වලට හිමි විය. දුනු විදීමේ බාලිකා ශූරතාවය සබරගමු පළාතට හිමිවූ අතර අනු ශූරතාවය බස්නාහිර පළාතට හිමි විය.

වොලිබෝල් බාලක ශූරතාවය බස්නාහිර පළාතටත් අනු ශූරතාවය වයඹ පළාතටත් හිමි විය. වොලිබෝල් බාලිකා ශූරතාවය දකුණු පළාතටත් අනු ශූරතාවය බස්නාහිර පළාතටත් හිමි විය.

නෙට්බෝල් බාලිකා ශූරතාවය සබරගමුව පළාතටත්, නෙට්බෝල් බාලිකා අනු ශූරතාවය නැඟෙනහිර පළාතටත් හිමි විය.

ක්‍රිකට් බාලක ශූරතාවය මධ්‍යම පළාතටත්, අනු ශූරතාවය බස්නාහිර පළාතටත් හිමි විය.

ක්‍රිකට් බාලිකා ශූරතාවය වයඹ පළාතට හිමි වූ අතර බාලිකා අනුශූරතාව සබරගමුව පළාතට හිමි විය.

මෙම උත්සව අවස්ථාවට ජාතික යොවුන් සේනාංකයේ පරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂ නීතිඥ පුෂ්පකුමාර මහතා, පුහුණු හා සංවර්ධන අතිරේක අධ්‍යක්ෂ සමන් කුලසූරිය මහතා සහ පළාත් අධ්‍යක්ෂවරුන්, මධ්‍යස්ථානාධිපතිවරුන්, උපදේශක මහත් මහත්මීන් සහ මූලස්ථාන නිලධාරීන් සමඟ යූත් කැඩෙට්වරුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media