,

තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ මධ්‍යස්ථාන

තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ මධ්‍යස්ථාන

ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

සැප්තැම්බර් 04 වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

සැප්තැම්බර් 04 සහ 06 යන දෙදින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවල දී නිල ඇඳුම් කාර්යය මණ්ඩල සහ එම කාර්යාලවලට අනුයුක්තව සේවය කරන සිවිල් කාර්යය මණ්ඩලයට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවතින බව ද සඳහන් කරයි.

සැප්තැම්බර් මස 05 සහ 06 යන දෙදින ත්‍රිවිධ හමුදා කඳවුරු සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවලද තැපැල් ඡන්ද සලකුණු කළ හැකිය.
අදාළ දිනවල දී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතී.

ඡන්දය සලකුණු කිරීම සඳහා අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්යයවේ. ඒ සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

රාජකාරී හැඳුනුම්පත භාවිත කරමින් යම් අයෙකු තැපැල් ඡන්ද සලකුණු කිරීම සදහා පැමිණෙන්නේ නම් එම ඡන්ද හිමියාගේ අනන්‍යතාව පරික්ෂා කිරීම සදහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කාර්යය අධීක්ෂණයට තේරීම්භාර නිලධාරී විසින් පත් කර ඇති නිලධාරියා සිදුකරන බව ද මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටියි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media