දුම් පරීක්ෂා සහතිකය ලබා ගැනීමත් සමගම වාහන බලපත්‍රයත් රක්ෂණාවරණයත් එකම ස්ථානයකින්

දුම් පරීක්ෂා සහතිකය ලබා ගැනීමත් සමගම වාහන බලපත්‍රයත් රක්ෂණාවරණයත් එකම ස්ථානයකින්

මෙරට වාර්ෂිකව සිදුකෙරෙන වාහන දුම් පරීක්ෂණ අතරින් වාහන සියයට 20ක් අසමත් වන බවත්, අදාළ වාහන නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බවත්

ඊයේ (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එම අදහස් පළ කළේ ය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ වාහන දුම් පරීක්ෂා සහතිකය ලබා ගැනීමත් සමගම වාහන බලපත්‍රයත් රක්ෂණාවරණයත් එකම ස්ථානයකින් ලබාගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බව ය.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

“අප දන්නවා අද මේ වායූ විමෝචන සහතික අරගෙන ඒ වාහන හිමියන්ට සිද්ධ වෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න මෝටර් වාහන බලපත්‍රය ගන්න. රක්ෂණ ආයතනයට යන්න වෙනවා රක්ෂණ සහතිකය ගන්න. එතකොට මේ වාහන හිමිකරුවෙක් මේ ස්ථාන තුනටම ගිහිල්ලා තමයි සහතික තුන ගන්න ඕනේ. දැන් අපි අවශ්‍ය වැඩපිළිවෙළක් යොදලා තියෙනවා.

මේ වාහන වායු විමෝචනය සඳහා ඒ ස්ථානයට ගියාට පස්සේ ඒ සහතිකය අරගෙන ඒ අවස්ථාවේ දී ම රක්ෂණය සහ වාහන බලපත්‍රයත් එකම ස්ථානයකින් ලබාගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක්. ඒ සම්බන්ධයෙන් තව මාස දෙකක් ඇතුළත ඒ වැඩපිළිවෙළ මුළු දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.මේ සඳහා යම් ගාණක් ගෙවීමට සිද්ධ වෙනවා. එම නිසා මේක අනිවාර්ය එකක් නැහැ. ඒ අයට පුළුවන් කමක් තියෙනවා කැමති පරිදි ඒ සේවා ලබාගන්න.”

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media