දරුවන්ගේ නින්ද ගැන බරපතළ අනතුරු ඇඟවීමක්

දරුවන්ගේ නින්ද ගැන බරපතළ අනතුරු ඇඟවීමක්

පාසල් දරුවන්ට ගැඹුරු මතකයක් ලෙස ස්ථාවර මතකයක් ඇති කරගැනීමට හොඳ නින්දක් අවශ්‍ය බවත් ඒ සදහා කුඩා කාලයේ සිටම නිදා ගැනීමට පුරුදු විය යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ සදහන් කළාය.

සිදුකරන ලද සීමිත පර්යේෂණවලින් මෙරට දරුවන්ගේ නින්ද සම්බන්ධ ගැටලු පවතින බවට අනාවරණය වී ඇති බවත් දරුවන්ට සුවබර නින්දක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට දෙමව්පියන්ගේ කාර්යය භාරයක් බවද විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ සදහන් කළාය.

දරුවන්ගේ එක් එක් වයස් කාණ්ඩ අනුව දෛනිකව නිදාගත යුතු පැය ගණන සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ ඉදිරිපත් කර ඇති බවද විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ සදහන් කළාය.

විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ තවදුරටත් සදහන් කළේ,

“ලංකාවේ දරුවන් අතරින් නින්ද සම්බන්ධයෙන් ගොඩක් ලොකු පර්යේෂණ සිදුකරලා නැති වුණත් තිබෙන සීමිත දත්තවලට අනුව පෙනී ගිහින් තියෙනවා අවුරුද්දක් වනතුරු දරුවන් අතරේ 25%ක දරුවන්ට ගැටලු තියෙනවා කියලා. ඒ වගේම නව යොවුන් වියේදී නින්ද අඩුකම නිසා ඇති වෙන බලපෑම් ඇති වෙලා තියෙනවා.

ඒ වගේම වැඩිහිටි සහ තරුණ අයගේ නින්දේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තියෙන බව ලංකාවේ තිබෙන සීමිත දත්තවලින් පවා පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම පාසල් දරුවන්ට ගැඹුරු මතකයක් ලෙස ස්ථාවර මතකයක් ඇති කරගන්නත් හොඳ නින්දක් ඕනේ. ඒකට එයා පුංචිකාලේ ඉඳලා පුරුදු වෙන්න ඕනේ නිදා ගන්න.

උපතේ ඉඳලා මාස තුනක විතර කාලයේදී පැය 14 – 17ක් පමණ නිදා ගත යුතුයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවල තියෙනවා. මාස 4 සිට අවුරුද්ද දක්වා පැය 12 සිට පැය 16කුත්, අවුරුද්දේ සිට අවුරුදු 2 දක්වා පැය 11 සිට පැය 14 දක්වාත්, අවුරුදු 3 සිට අවුරුදු 4 දක්වා පැය 10 සිට පැය 13කුත්, අවුරුදු 5 දරුවෙකුට පැය 10 සිට පැය 12 දක්වා නිදාගත යුතුයි.

අවුරුදු 5 දක්වා දරුවන්ට පැය 24න් 50%කට වැඩිය නින්ද අවශ්‍යයි. එය මානසික හා ශාරීරික සෞඛ්‍යට හා වර්ධනයට බලපායි. වැඩිහිටියෙක් නම් අඩුම තරමින් පැය 7ක් වත් නිදා ගන්න ඕනේ.”

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media