දරුවන් පරිස්සම් කර ගන්න – මේ රෝග ලක්ෂණ ගැන අවධානයෙන් සිටින්න

දරුවන් පරිස්සම් කර ගන්න – මේ රෝග ලක්ෂණ ගැන අවධානයෙන් සිටින්න

මේ දිනවල ළමුන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහ ඉහළ ශ්වසන මාර්ගයේ වෛරස් උණ රෝග වැඩිවීමේ තත්ත්වයක් පවතින බැවින් ඒ සඳහා විශේෂ අවධානයෙන් කටයුතු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රොහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවානවා.

සෙම පරීක්ෂණයක් සිදුකිරීමෙන් ඉන්ෆ්ලුවෙන්සා දැයි පරීක්ෂා කර බැලිය හැකි බව ද හුස්ම ගැනීමේ අපහසුව සහ වමනය යාම දිගටම පවතී නම් ප්‍රතිවෛරස් ලබාදීමක් සිදුකරන බව ඔහු අවධාරණය කළා.

මෙම වෛරස් රෝගවල රෝග ලක්ෂණ ලෙස උණ සමග හිසරදය, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, කිවිසුම් යෑම, ඇඟපත රිදීම දක්නට ලැබෙනවා.

එවැනි රෝග ලක්ෂණ පන්තිවල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල හා නිවෙස්වල ඉක්මණින් පැතිරෙයි නම් මෙය ඉහළ ශ්වසන මාර්ගයේ වෛරස් රෝගයක් හෝ ඉන්ෆ්ලුවෙන්සා විය හැකි බව වෛද්‍යවරයා පවසනවා.

රෝග ලක්ෂණ ඇති අය මුඛ ආවරණ පැළඳීම සිදුකරන ලෙසද, රෝග ලක්ෂණ පවතින දරුවන් නිවෙස්වල තබා ගන්නා ලෙසද සඳහන් කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා රෝගය වැළඳුණු දරුවන්ට ස්වභාවික දියර ආහාර වැඩි වශයෙන් ලබාදී විවේකය ලබාදෙන ලෙස ද පැරසිටමෝල් නියමිත මාත්‍රාව ලබාදෙන ලෙස ද පැවසුවා.

අවුරුදු 02ට අඩු දරුවන්, අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්, නිදන්ගත ශ්වසන රෝග ඇති අය, ප්‍රතිශක්තීකරණය අඩු අය සහ ගර්භණී මාතාවන් ආදීන්ට මෙය තරමක් බරපතල විය හැක.

දින 03ක් හෝ 04කට වැඩියෙන් උණ පවතී නම් මේ දිනවල ඩෙංගු රෝගයත් පවතින නිසා රුධිර පරීක්ෂණයක් කරගැනීම සුදුසු බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media