දේශීය බිත්තරයක් රුපියල් 36කට වෙළෙඳපොළට ඒත් ගන්න කෙනෙක් නෑ…

දේශීය බිත්තරයක් රුපියල් 36කට වෙළෙඳපොළට ඒත් ගන්න කෙනෙක් නෑ…

දේශීය බිත්තරයක් රුපියල් 36කට වෙළෙඳපොළට සිය සංගමය විසින් ලබාදීමට කැමැත්ත පළ කළත් ඒවා ලබා ගැනීමට කිසිම ආයතනයක් හෝ රජයේ ආයතනයක් ඉදිරිපත් වෙන්නෙ නැතැයි මස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසනවා.

සිය සංගමයේ සාමාජිකයන් 3000කට අධික කර්මාන්තයේ යෙදී සිටින බවත් සංගමයේ සාමාජික කැපවීම මත දෛනිකව නිෂ්පාදනය ඉතා දියුණු මට්ටමක පවතින බවත් ඒ නිසා මුළු දිවයිනටම බිත්තර සැපයීම ඉතා පහසුවෙන් කළ හැකි බවත් ඔහු පවසයි.

සිය කර්මාන්තය ඉතා දුෂ්කර අන්දමින් කරගෙන යන බවද, ඉන් පවුල් දහස් ගණනක් යැපෙන බවද, එම නිසා සිය කර්මාන්තය කෙරෙහි රජයේ හා පෞද්ගලික අංශයේ වගකිවයුතු අයගේ අවධානය යොමු වෙතැයි සංගමය අපේක්ෂා කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් සඳහන් කර ඇත.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media