නරේන්ද්‍ර මෝදි වසර 6කට පසු සිංගප්පූරුවේ සංචාරයක

නරේන්ද්‍ර මෝදි වසර 6කට පසු සිංගප්පූරුවේ සංචාරයක

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වසර 6කට පසු සිංගප්පූරුවේ සංචාරයක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෝදිගේ දෙදින සිංගප්පූරුව සංචාරය ඊයේ නිමාවට පත්වූ බවත්, මෝදිගේ සංචාරය අතරතුර දෙරට අතර අවබෝධතා ගිවිසුම් 4කට අත්සන් තැබූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඉන්දිය අගමැතිවරයා අවසන් වරට සිංගප්පූරුවේ සංචාරය කර ඇත්තේ 2018 වසරේදී බව ද වාර්තා වේ.

ඊයේ සිංගප්පූරු පාර්ලිමේන්තුවේදී එරට අගමැති ලෝරන්ස් වොං සහ මෝදි ඉදිරිපිටදී සිංගප්පූරුවේ ඩිජිටල් සංවර්ධන හා තොරතුරු අමාත්‍යාංශය සහ ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය අතර ඩිජිටල් තාක්ෂණ අවබෝධතා ගිවිසුම, සිංගප්පූරුවේ වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍යාංශය සමඟ වෙළෙඳ අවබෝධතා ගිවිසුම, ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශය සහ සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය අතර සෞඛ්‍ය හා ඖෂධ ගිවිසුම සමඟ ඉන්දියාවේ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය සහ සිංගප්පූරුවේ අධ්‍යාපන අමාත්‍යාංශය අතර අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන ගිවිසුම හුවමාරු කිරීම් දෙරටේ ඇමැතිවරු අතර සිදුවූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media