පඩි වැඩි කිරීම ගැන පැෆරල් මැ.කො.ස. ට පැමිණිලි කරයි

පඩි වැඩි කිරීම ගැන පැෆරල් මැ.කො.ස. ට පැමිණිලි කරයි

රාජ්‍ය සේවකයන්ගේ වැටුප 2025 වර්ෂයේ සිට රුපියල් 25,000 කින් ඉහළ දැමීමට රජය ගත් තීරණයෙන් මැතිවරණයේදී රාජ්‍ය සේවකයන්ට ඍජු බලපෑමක් එල්ල වන බව පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර රජයේ සේවකයන් රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ඉල්ලා උද්ඝෝෂණය කළ අවස්ථාවේදී වැටුප් වැඩි කිරීමට මුදල් නොමැති බවට රජය ප්‍රකාශ කළ බවත් එවැනි අවස්ථාවක ඉල්ලූ මුදලටත් වඩා වැඩි මුදලක් ලබාදීමට රජය තීරණය කිරීම තුළ රාජ්‍ය සේවකයන්ගේ නිදහස් මනසට බලපෑම් එල්ල වන බවත් එම සංවිධානය පවසයි.

එම නිසා ආණ්ඩුව ගත් එම තීරණය පිළිබඳ සොයා බලා ඊට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇත.

රනිල් ධර්මසේන

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media